Tuesday, March 13, 2012

වැටෙන පෙට්ටිය හෙවත් Drop Box


තවත් ලිපියක් ලියන්න හොඳ මාතෘකාවක් හිතුවත් එකක්වත් මතකෙට එන්නෙම නෑ. ඒ හින්ද මම කල්පනා කරා කාටත් වැදගත් කාටත් ප්‍රයෝජනවත් වන software එකක් ගැන කතා කරන්න.. හොඳම දේ මේක අපිට හම්බ වෙන්නේ free service එකක් හැටියට. ඒ තමයි Drop Box.
ගොඩක් අය දන්නවා ඇති නේ Microsoft ලගේ Skydrive ගැන අන්න ඒ වගේම තමයි මේකත්. හැබැයි මේක නං Skydrive වලට වඩා ගොඩක්ම හොඳ බවටයි මගේ හැඟිම. Dropbox වල වැදගත් ම දේ හැටියට මම දකින දේ තමයි ඒ සමඟ ලැබෙන මෘදුකාංග සහය. Drop box ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගත් පසු ඒ සඳහා ඔබට වෙනම folder එකක් ලැබෙනවා skydrive වල මෙන් web based සහය පමණක් නොවන නිසා මෙය බාවිතය ගොඩක් ලේසියි.





හැබැයි මම මුලින් කිව්වා විදිහට මේ සේවාව නොමිලයේ ලැබුනට ඔබට මුලිම ලැබෙන්නේ 2 GB වගේ ඉඩක් පමණයි. නමුත් මුදල් ගෙවීමකින් පසුව හා තවත් ක්‍රම කිහිපයකින් මේ ඉඩ තව වැඩි කර ගැනීමට ඔබට අවස්ථාවක්ලබා දී තියෙනවා.
මෙම සේවාව පරිගණකයකට අමතරව ඔබගේ smart දුරකතනයේ පවා ස්ථාපනය කරගැනීමට පවා හැකියාවක් තියෙනවා. IOS, Android, BlackBerry මෙය සඳහා සහය දක්වනවා.
මේ මගින් ඔබේ දත්ත ගබඩා කර තබා ගන්නවට වඩා වැඩි යමක් කර ගන්න පුළුවන්.ඒ අතරින් ඔබගේ පරිගණක කිහිපයක් අතර හා ඔබගේ ජංගම දුරකථනය අතර පවා කිසිම කරදරයකින් තොරව ඔබට අවශ්‍ය දත්ත හා තොරතුරු පහසුවෙන් හුවමාරු කර ගැනීමට පුළුවනි. ඒ වගේම ඔබගේ යහලුවෙකුට අවශ්‍ය වන file එකක් කිසිම අපහසුවකින් තොරව ඔහුට යැවීමට හැකිය.
තිබෙන අධික වැඩ රාජකාරි හේතුවෙන් Drop Box පිළිබඳව තවත් තොරතුරු ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න. මේ ගැන ඔබගෙන් සමාව ඉල්ලා සිටිමි.









5 comments:

  1. ක්‍රිකට් ගහමුද?
    වස්තර-www.helayekgen.info

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහල... ගහමුකෝ :D

      Delete
    2. ඊළග ලිපිය කවදද?
      හමුවෙන්නට හැකි දිනය ගැන කිව්වද?(ක්‍රිකට් තරගයට)

      Delete
    3. ඔව් මම ක්‍රිකට් තරගයට යන්න පුළුවන් දිනයක් යැව්වා.. තම පිළිතුරක් ලැබුනේ නෑ.. ක්‍රිකට් තරගේ තිබුනද.. ?

      Delete
  2. මම සින්හලෙන් type කරන්න මොන තරම් කම්මැලිද මන්ද...මගෙ blogger එකට දාන්න ඒව ඕන තරම් ඒත් කම්මැලි කම ඊට එහා ගිහින් ඒකයි බන් මම උඹේ ඒවට comment නොකලෙත් එත් මම හැම එකක්ම කියෙවුව.ඒත් උඹ මගෙ ඒවට comment නොකරන හේතුව කීවම comments අමාරුවෙන් හරි දාන්න හිතුන.ඉතින් සින්හලෙන් type කරන්න ලේසිම ක්‍රමයකුත් හොයල දපන් මේක වගේ...

    ReplyDelete