දැන් දැන් කෑගල්ලෙත් නාට්ටි බැලීමේ අලුත්ම කලාවක් ඇතිවෙලා. නාට්ටි කිව්වේ වේදිකා නාට්ටි හරිය. ඒක හොඳ දෙයක්. මමත් හා හා පුරා කියල නගරෙට ආපු හොඳ නාට්‍යක් බලන්න ලකියවත් අඬගහගෙන ගියා. "අන්දරේලා".. මාර වැඩේ 250 ප්‍රවේශපත්‍ර ඉවරවෙලා.. ඊළඟට 500 ... අතේ තියෙන 500 ට ටිකට් ගත්තොත් අතේ සතේ නැතිව තමයි ගෙදර යන්න වෙන්නේ. කොහොමින් කොහොම හරි එතන හිටිය අක්කල වගේ ඇන්ටිලා ටිකට වැඳ වැටිලා 500 ටිකට් එක දෙකට බෙදාගෙන ඇතුලට රිංගුවා.. අම්මෝ මෙතන ඉන්න සෙනඟ... මුළු ටවුන් එකම මෙතන වගේ. (හැබැයි විවේකය එනකන් විතරයි :D)
ඇතුලේ තියෙන්නේ මාර රස්නයක් නේ. අපි දෙන්නත් ඉහින් කනින් දාඩිය පෙරාගෙන ඔටුවෝ වගේ බෙල්ලත් දික් කරගෙන අන්දරේ එනකන් බලන් හිටිය. මොකද මේක නාට්ටි පෙන්නන්න තරම් යෝග්‍ය ස්ථානයක් නොවන නිසා. මේකේ පස්ස පේලි වලට ඉස්සරහ ඉන්න එකාගේ ඔලුව විතරයි හොඳට පෙන්නේ. පලවෙනි බෙල් එක වැදුන දෙක තාම නෑ. ඇතුලේ මාර සද්දේ. එලිය සද්දේ ඇතුලට වඩා වැඩියි. කොළඹ නුවර පාර තියෙන්නේ ශාලාවට (hall) පිටිපස්සෙන්. ඔන්න ඊළඟ බෙල් දෙකත් පිළිවෙලට වැදුන. විදුලි එළියත් නිවුන. මුළු ශාලාවම නිහඬයි, නෑ!! මොන!!! ඇතුලේ ඉන්න උන්ට ගානක්වත් නෑ. උන් උන් ගෙ වැඩ වල. සමහරු ජංගම ජංජාලේ කනේ තියාගෙන උන්ගේම ලෝකෙක. අන්දරේ ගැන ගානක්වත් නැත. සමහරු ළමයි නලවති. තව එකෙක් සංගීත පුටු තරඟයක. පුටුවක් හෙමිහිට තල්ලු කරගන්නට බැරි තරං උන් තොත්ත බබාලය. මටත් ලකියටත් ඌරු ජුවල්ය.
ලකියා (ලක්ෂිත)
අනේ අපේ දුප්පත් රු:250. අසාවෙන් නාට්ටිය බලන්නට පැමිණි මුණු බේරී කරගත් සෙනග අතරින් අප දෙදෙනාත් නොපෙනී ගියෙමු.. මෙවන් මිනිසුන් ඔබටත් අනන්තව මුණ ගැසී ඇතිවාට කිසිදු සැකයක් නැත.
මාර නාට්‍යයක්නෙ ...
ReplyDeleteඋඹ මගෙ මූණ මේකට දැම්ම එක ගැනනම් පට්ට තරහක් එන්නෙ....ඒ දැම්ම දාඩිය තාම මතකයි....
ReplyDelete"සෑම කාලෙ සෑම දේසෙ අන්දරේල ගොඩක් වෙච්චි මහ රජා හට...."
මේ වචන ටිකට තාම මම ආදරෙයි...