Seedr is a cloud-based torrent downloading service that lets users download and stream files without using traditional torrent clients. Instead of downloading files directly to your device, Seedr downloads torrents to its secure cloud servers. Users can then stream videos, listen to audio, or download files at high speed through their browser. This helps protect privacy, saves device storage, and avoids slow peer-to-peer connections. Seedr works on phones, tablets, and computers, making it convenient for on-the-go use. With a simple interface and fast performance, Seedr is popular among users who want easy and private access to torrent content online.
ලක්ශාන්ගේ බ්ලොග් සටහන
Lakshan's Blog Note
Wednesday, February 4, 2026
Seedr Is Your Only torrent Client
Seedr is a cloud-based torrent downloading service that lets users download and stream files without using traditional torrent clients. Instead of downloading files directly to your device, Seedr downloads torrents to its secure cloud servers. Users can then stream videos, listen to audio, or download files at high speed through their browser. This helps protect privacy, saves device storage, and avoids slow peer-to-peer connections. Seedr works on phones, tablets, and computers, making it convenient for on-the-go use. With a simple interface and fast performance, Seedr is popular among users who want easy and private access to torrent content online.
Wednesday, May 30, 2012
Tuesday, April 24, 2012
දවස ගෙවෙන හැටි !!!
හැමදාම ගෙවෙන අපේ ජීවිතය හැමදාම එක වගේම නේ ද ගෙවෙන්නේ.. මේක පොඩ්ඩක් හිතන්න ඕනි ප්‍රශ්නයක්... උදේ ඉදන් දුවල දුවල අපි ලබාගත්තු දෙයක් තියෙනවද.. ? මම මෙහෙම ඇහුවේ මගේ යාලුවෙක් හදපු කෙටි චිත්‍රපටියක් නිසා.. සංජීව අනුර සෙනවිරත්න.. ඔහු තමයි මේකේ අධ්‍යක්ෂක තුමා. බොහොම සියුම් තැනක් මොහු ස්පර්ෂ කිරීමට උත්සහ දරා තියෙනවා. මොහුගේ උත්සාහය සාර්ථකද කියල මේක නරබලා ඉවරවෙලා කියන්න.
Tuesday, March 13, 2012
වැටෙන පෙට්ටිය හෙවත් Drop Box
තවත් ලිපියක් ලියන්න හොඳ මාතෘකාවක් හිතුවත් එකක්වත් මතකෙට එන්නෙම නෑ. ඒ හින්ද මම කල්පනා කරා කාටත් වැදගත් කාටත් ප්‍රයෝජනවත් වන software එකක් ගැන කතා කරන්න.. හොඳම දේ මේක අපිට හම්බ වෙන්නේ free service එකක් හැටියට. ඒ තමයි Drop Box.
ගොඩක් අය දන්නවා ඇති නේ Microsoft ලගේ Skydrive ගැන අන්න ඒ වගේම තමයි මේකත්. හැබැයි මේක නං Skydrive වලට වඩා ගොඩක්ම හොඳ බවටයි මගේ හැඟිම. Dropbox වල වැදගත් ම දේ හැටියට මම දකින දේ තමයි ඒ සමඟ ලැබෙන මෘදුකාංග සහය. Drop box ඔබගේ පරිගණකයේ ස්ථාපිත කරගත් පසු ඒ සඳහා ඔබට වෙනම folder එකක් ලැබෙනවා skydrive වල මෙන් web based සහය පමණක් නොවන නිසා මෙය බාවිතය ගොඩක් ලේසියි.
හැබැයි මම මුලින් කිව්වා විදිහට මේ සේවාව නොමිලයේ ලැබුනට ඔබට මුලිම ලැබෙන්නේ 2 GB වගේ ඉඩක් පමණයි. නමුත් මුදල් ගෙවීමකින් පසුව හා තවත් ක්‍රම කිහිපයකින් මේ ඉඩ තව වැඩි කර ගැනීමට ඔබට අවස්ථාවක්ලබා දී තියෙනවා.
මෙම සේවාව පරිගණකයකට අමතරව ඔබගේ smart දුරකතනයේ පවා ස්ථාපනය කරගැනීමට පවා හැකියාවක් තියෙනවා. IOS, Android, BlackBerry මෙය සඳහා සහය දක්වනවා.
මේ මගින් ඔබේ දත්ත ගබඩා කර තබා ගන්නවට වඩා වැඩි යමක් කර ගන්න පුළුවන්.ඒ අතරින් ඔබගේ පරිගණක කිහිපයක් අතර හා ඔබගේ ජංගම දුරකථනය අතර පවා කිසිම කරදරයකින් තොරව ඔබට අවශ්‍ය දත්ත හා තොරතුරු පහසුවෙන් හුවමාරු කර ගැනීමට පුළුවනි. ඒ වගේම ඔබගේ යහලුවෙකුට අවශ්‍ය වන file එකක් කිසිම අපහසුවකින් තොරව ඔහුට යැවීමට හැකිය.
තිබෙන අධික වැඩ රාජකාරි හේතුවෙන් Drop Box පිළිබඳව තවත් තොරතුරු ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න. මේ ගැන ඔබගෙන් සමාව ඉල්ලා සිටිමි.
Monday, March 12, 2012
අන්දරේලා සමඟ අන්දරේලා බැලුවෙමු......
දැන් දැන් කෑගල්ලෙත් නාට්ටි බැලීමේ අලුත්ම කලාවක් ඇතිවෙලා. නාට්ටි කිව්වේ වේදිකා නාට්ටි හරිය. ඒක හොඳ දෙයක්. මමත් හා හා පුරා කියල නගරෙට ආපු හොඳ නාට්‍යක් බලන්න ලකියවත් අඬගහගෙන ගියා. "අන්දරේලා".. මාර වැඩේ 250 ප්‍රවේශපත්‍ර ඉවරවෙලා.. ඊළඟට 500 ... අතේ තියෙන 500 ට ටිකට් ගත්තොත් අතේ සතේ නැතිව තමයි ගෙදර යන්න වෙන්නේ. කොහොමින් කොහොම හරි එතන හිටිය අක්කල වගේ ඇන්ටිලා ටිකට වැඳ වැටිලා 500 ටිකට් එක දෙකට බෙදාගෙන ඇතුලට රිංගුවා.. අම්මෝ මෙතන ඉන්න සෙනඟ... මුළු ටවුන් එකම මෙතන වගේ. (හැබැයි විවේකය එනකන් විතරයි :D)
ඇතුලේ තියෙන්නේ මාර රස්නයක් නේ. අපි දෙන්නත් ඉහින් කනින් දාඩිය පෙරාගෙන ඔටුවෝ වගේ බෙල්ලත් දික් කරගෙන අන්දරේ එනකන් බලන් හිටිය. මොකද මේක නාට්ටි පෙන්නන්න තරම් යෝග්‍ය ස්ථානයක් නොවන නිසා. මේකේ පස්ස පේලි වලට ඉස්සරහ ඉන්න එකාගේ ඔලුව විතරයි හොඳට පෙන්නේ. පලවෙනි බෙල් එක වැදුන දෙක තාම නෑ. ඇතුලේ මාර සද්දේ. එලිය සද්දේ ඇතුලට වඩා වැඩියි. කොළඹ නුවර පාර තියෙන්නේ ශාලාවට (hall) පිටිපස්සෙන්. ඔන්න ඊළඟ බෙල් දෙකත් පිළිවෙලට වැදුන. විදුලි එළියත් නිවුන. මුළු ශාලාවම නිහඬයි, නෑ!! මොන!!! ඇතුලේ ඉන්න උන්ට ගානක්වත් නෑ. උන් උන් ගෙ වැඩ වල. සමහරු ජංගම ජංජාලේ කනේ තියාගෙන උන්ගේම ලෝකෙක. අන්දරේ ගැන ගානක්වත් නැත. සමහරු ළමයි නලවති. තව එකෙක් සංගීත පුටු තරඟයක. පුටුවක් හෙමිහිට තල්ලු කරගන්නට බැරි තරං උන් තොත්ත බබාලය. මටත් ලකියටත් ඌරු ජුවල්ය.
ලකියා (ලක්ෂිත)
අනේ අපේ දුප්පත් රු:250. අසාවෙන් නාට්ටිය බලන්නට පැමිණි මුණු බේරී කරගත් සෙනග අතරින් අප දෙදෙනාත් නොපෙනී ගියෙමු.. මෙවන් මිනිසුන් ඔබටත් අනන්තව මුණ ගැසී ඇතිවාට කිසිදු සැකයක් නැත.
Wednesday, February 22, 2012
ආයුබෝ... න්
මේ මගේ පළමු බ්ලොග් සටහනයි. ලිපි කිහිපයක් යනතුරු අඩුපාඩු බොහෝ වියහැකියි. බ්ලොග් එකක් පටන් ගැනීමට කල් ගත්ත වැඩිද කියලත් හිතෙනවා. මොකද අද ඇටෙන් පොත්තෙන් එලියට පැනපු එව්න්ගෙන් facebook එකක්, email එකක්, twitter එකක්, blog එකක් නැති එකෙකු හොයාගන්න එක අර මොකක්ද එකක් හොයනවටත් වඩා අමාරුයි නේ. කොහොමින් හරි කමක් නෑ ඔන්න දෙයියනේ කියල මාත් blog අවකාසෙට එකතු උනා ඕන්... අමාරුවෙන් හරි බ්ලොග් එක සිංහලෙන්ම ලියන්න ඕනි. මොකද මමත් සිංහල කොල්ලෙක් නේ. ඉංගිරිසියෙන් ලිපියක් දෙකක් පළවුනත් අවුලක් නැතිවේවි කියල හිතනවා. කඩ්ඩත් පොඩ්ඩක් හදාගන්න එක ඇඟට ගුණයි නේ නේ... :P
වැඩි කතා මොකටද හා හා පුර කියල මමත් ඕන් දැන් වැඩේට එන්ටර් උනා
Subscribe to:
Posts (Atom)



